Breaking News

පොහොට්ටුවෙන් තරග කර ජය ලැබිම සතුටක් !

 


I gave up my Swiss citizenship - Geetha Kumarasinghe



"දකුණු පළාතෙන්ම පොහොට්ටුව වෙනුවෙන් තරග කර ජය ලැබූ එකම කාන්තාව බවට පත්වීම ගැන අවංකවම සතුටු වෙනවා. මේ ජනතාවම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන විශ්වාසය තබලා රටට වැඩක් කරන්නට බුද්ධිමත් තීරණයක් ලබා දුන්නා" යැයි ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් තරග කර මනාප 63,357 ක් ලබා ගනිමින් 7 වැනියා බවට පත්ව පාර්ලිමේන්තුවට යෑමට වරම් හිමි කරගත් ගීතා කුමාරසිංහ මහත්මිය ඊයේ 07 දා පැවසුවාය.

මෙහිදී තවදුරටත් කතාකළ ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවේ,

මම ගොඩක් කැපවීම් කළා. මම ප‍්‍රතිපත්ති ගරුකව වැඩකරපු කෙනෙක්. මම මගේ ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවයත් අහිමි කරගෙනයි මේ දේශපාලනයේ නිරත වුණේ. ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් පොහොට්ටුව වෙනුවෙන් තරග කරන කොට මට යම් යම් බාධාවන් විවිධ අයගෙන් ආවත් මම සැලූණේ නැහැ. ජනතාවට කරන්න පුළුවන් උපරිම සේවය ඉෂ්ට කළා. අන්න ඒ නිසා ජනතාව අද පාර්ලිමේන්තුවට යන්න වරම් සලසා දී තිබෙනවා.

අද යූ.එන්.පී. එකට අත්වෙලා තියෙන දේ දැක්කම දුකයි. ජනතාව ප‍්‍රතික්ෂේප කර තිබෙනවා ඒ පක්ෂය. මොකද හේතුව පසුගිය කාලයේ ජනතාවට වැඩ නොකිරීම. මෙන්න මේ නිසා යූ.එන්.පී. පාක්ෂිකයන් හුඟදෙනෙක් මේ පාර පොහොට්ටුවට ඡන්දය දුන්නා. ජනතාව පහුගිය කාලයේ දැඩි පීඩනයකින් ජීවත් වුණේ. ඒ පීඩනයෙන් අත් මිදෙන්න ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කර තිබෙනවා.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ ජනතාව පානීය ජල ප‍්‍රශ්නයක් නිසා පීඩා විඳිනවා. මේ ප‍්‍රශ්නය විසඳන්න මා අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා. පානීය ජලය නැතුව කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ.

අනිත් එක තමයි ජනතාවගේ ඉඩම්වල අයිතිය පිළිබඳ ප‍්‍රශ්නය. ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඉන්න හුඟක් ජනතාවගේ ඉඩම්වල අයිතිය ලැබිලා නැහැ. ඉතිං ඒ ප‍්‍රශ්නයත් විසඳලා දෙන්න අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා.

අනිත් ප‍්‍රශ්නය තමයි දිස්ත‍්‍රික්කයේ ඉන්න තරුණ දරුවන්ගේ රැුකියා ප‍්‍රශ්නය. ඒ සඳහා ද විසඳුමක් ලබා දෙන්න කටයුතු කරනවා. දැන් ඉතිං මම නිකං ඉන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් උපරිමයෙන් කැප වෙනවා.