Breaking News

නව කැබිනට් ඇමතිවරුන් මෙන්න!

 

Sri Lanka in financial crisis as Parliament shuts due to ...



නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

දිවුරුම් දීමේ උත්සවය පැවැත්වුණේ, මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී ය.

අද දිනයේ දිවුරුම් දුන් නව රජයේ කැබිනට් අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව පහතින්….

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති.

මුදල් , බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නාගරික කටයුතු නිවාස අමාත්‍ය – මහින්ද රාජපක්ෂ

කම්කරු අමාත්‍ය – නිමල් සිරිපාල ද සිල්වා

අධ්‍යාපන අමාත්‍ය – ජී.එල්. පීරිස්

සෞඛ්‍ය අමාත්‍ය – පවිත්‍රා වන්නිආරච්චි

විදේශ අමාත්‍ය -දිනේෂ් ගුණවර්ධන

ධීවර අමාත්‍ය – ඩග්ලස් දේවානන්ද

ප්‍රවාහන අමාත්‍ය – ගාමිණි ලොකුගේ

වෙළෙඳ අමාත්‍ය – බන්දුල ගුණවර්ධන

වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය -ආර්.එම්.සී.බී. රත්නායක

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය – ජනක බණ්ඩාර තෙන්නකෝන්

ජනමාධ්‍ය අමාත්‍ය – කෙහෙළිය රඹුක්වැල්ල

වාරිමාර්ග අමාත්‍ය – චමල් රාජපක්ෂ

විදුලිබල අමාත්‍ය – ඩලස් අලහප්පෙරුම

මහාමාර්ග අමාත්‍ය – ජොන්ස්ටන් ප්‍රනාන්දු

කර්මාන්ත අමාත්‍ය – විමල් වීරවංශ

පරිසර අමාත්‍ය – මහින්ද අමරවීර

ඉඩම් අමාත්‍ය – එස්.එම්. චන්ද්‍රසේන

කෘෂිකර්ම අමාත්‍ය – මහින්දානන්ද අලුත්ගමගේ

ජල සම්පාදන අමාත්‍ය -වාසුදේව නානායක්කාර

බලශක්ති අමාත්‍ය – උදය ගම්මන්පිල

වැවිලි අමාත්‍ය – රමේෂ් පතිරණ

සංචාරක අමාත්‍ය – ප්‍රසන්න රණතුංග

වරාය හා නාවික අමාත්‍ය – රෝහිත අබේගුණවර්ධන

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය – නාමල් රාජපක්ෂ


නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව…

අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය – චමල් රාජපක්ෂ

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණය රාජ්‍ය අමාත්‍ය – ප්‍රියංකර ජයරත්න

සූර්යබලය සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය – දුමින්ද දිසානයක

බතික් අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර

සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය – ලසන්ත අලගියවන්න

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

පොල් , කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික් භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා

වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර

ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ වතු ආශ්‍රිත භෝග වගා තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශීල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක

උක්, බඩ ඉරිඟු කජු ගම්මිරිස් කුරුඳු බරාබුනැටි, බුලත් අතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර

දහම් පාසල් භික්ෂු අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ

සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘෂිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ

වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක

කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර

ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත

මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර

ග්‍රාමිය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න

තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තිය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන්

ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

කාන්තා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා

වේවැල්, පිත්තල , මැටි , ලී බඩු, ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක

පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්

වී හා ධාන්‍ය, කාබනික ආහාර එළවළු පලතුරු මිරිස් ළූණු ආර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ

නාගරික සංවර්ධන, වෙරළසංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා

වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්

මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්

නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ

ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

මීට අමතරව අද දිනයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ද පත් කරනු ලැබිණ.


*කොළඹ දිස්ත්‍රික්කය – ප්‍රදීප් උදුගොඩ

*.මහනුවර දිස්ත්‍රික්කය – වසන්ත යාපා බණ්ඩාර

*ගම්පහ දිස්ත්‍රික්කය – සහන් ප්‍රදීප් විතාන

*නුවරඑළිය දිස්ත්‍රික්කය – එස්.බී. දිසානායක

* මාතලේ දිස්ත්‍රික්කය – එස්. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ

*මාතර දිස්ත්‍රික්කය – නිපුණ රණවක

*හම්බන්තොට දිස්ත්‍රික්කය – උපුල් ගලප්පත්ති

*යාපනය දිස්ත්‍රික්කය – අංගජන් රාමනාධන්

*හම්බන්තොට දිස්ත්‍රික්කය – උපුල් ගලප්පත්ති

*කිලිනොච්චි දිස්ත්‍රික්කය – ඩග්ලස් දේවානන්ද

*වව්නියාව දිස්ත්‍රික්කය – කේ. දිලීපන්

*මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක – කේ. කාදර් මස්තාන්

*අම්පාර දිස්ත්‍රික්කය – බී. වීරසිංහ

*ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – කපිල අතුකෝරල

*කුරුණෑගල දිස්ත්‍රික්කය – ගුණපාල රත්නසේකර

*අනුරාධපුර දිස්ත්‍රික්කය – එච්. නන්දසේන

*පුත්තලම දිස්ත්‍රික්කය – අශෝක ප්‍රියන්ත

*පොළොන්නරුව දිස්ත්‍රික්කය – අමරකීර්ති අතුකෝරල

*බදුල්ල දිස්ත්‍රික්කය – සුදර්ශන දෙණිපිටිය

*මොනරාගල දිස්ත්‍රික්කය – කුමාරසිරි රත්නායක

*රත්නපුර දිස්ත්‍රික්කය – අකිල එල්ලාවල

* කෑගල්ල දිස්ත්‍රික්කය – රාජික වික්‍රමසිංහ

* කළුතර දිස්ත්‍රික්කය සංජීව එදිරිමාන්න