ජනපතිගේ වාහනයෙන් සනත් එළියට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණය ඉලක්ක කොට රට වටා යන ගමනේදී ආනමඩුවේ සිදු වූ සිද්ධියක් පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබේ.

ජනාධිපතිවරයාගේ වාහනයෙන් සනත් නිශාන්ත මහතාව වාහනයෙන් බැස්සවූ අවස්ථාවේ ප්‍රියංකර ජයරත්න මහතාගේ ආධාරකරුවන් ඔහුට හූ සංග්‍රහයක් ලබා දීමට අමතක නොකළේය.
සනත් නිශාන්ත සහ ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් පුත්තලම දිස්ත්‍රික් පොදුජන පෙරමුණෙන් තරඟ වදින අතර සනත් නිශාන්ත මහතාගේ ආධාරකරුවෙකුට ප්‍රියංකර ජයරත්න මහතාගේ බෑනා ඇතුළු පිරිසක් තර්ජනය කිරීමේ සිද්ධියක් පිළිබඳව ද පොලිසිය පරීක්ෂණයක් කරමින් සිටියි.