Breaking News

වෘත්තීය ගැටලු නිසා PHIලා වැඩවර්ජනයක


PHIS to launch a strike today - Newsradio



තම වෘත්තීය ගැටලු සදහා විසඳුම් ලබාදීමට බලධාරීන් මේ වන තෙක් පියවර ගෙන නොමැති බව පවසමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද(24) එක්දින සංකේත වර්ජනයක් කැදවා තිබේ.

මේ වන විටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන අතර එම ගැටලුවට බලධාරීන් මේ වන තෙක් නිසි ප්‍රතිචාර දක්වා නොමැති බව ඔවුන් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා කියා සිටියේ, කිසියම් පාර්ශවයකට හෝ පුද්ගල කණ්ඩායමකට අවශ්‍ය ලෙස තීරණ නොගෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සත්‍ය ගැටලුව හඳුනාගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරිය කරගෙන යාම සඳහා නිරෝධායන පනත යටතේ අවශ්‍ය වටපිටාව සකස් කර දෙන ලෙසය.