Breaking News

පුද්ගලයින් 720කගේ නිරෝධායනය අවසන් කරයි


Quarantine Unit



ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ, වන්නි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිය නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 165 දෙනෙකු අද (29) උදෑසන ඉන් පිට ව ගිය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. මේ අතර යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 555ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත් ව යෑමට නියමිතව තිබේ.

නිරෝධායන කාලසීමාව අවසන් වීම හේතුවෙන් ඔවුන් නිවෙස් වෙත පිටත් කර හරින බව කොවිඩ් නයින්ටීන් පැතිරිම වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 118 දෙනෙකු, පූරවාසකුලම් නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 193 දෙනෙකු, කහගොල්ල නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 176 දෙනෙකු සහ පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 68 දෙනෙකු මෙලෙස නිවෙසන් වෙත පිටත් කරන බව එම මධ්‍යස්ථානය පැවසුවේය. ඒ අනුව මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 27,494 දෙනෙකු නිරෝධායන කටයුතු නිමාවෙන් පසු සිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.