Breaking News

ආණ්ඩුව වෛද්‍ය නිලධාරීන් හා සුළු සේවකයන්ගේ මාස තුනක අතිකාල දීමනා ඇතුළු දීමනා ගෙවා නෑ !



පළාත් රෝහල්වල සේවය කරනු ලබන වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩල, අතුරු වෛද්‍ය නිලධාරීන් හා සුළු සේවකයන්ගේ මාස තුනක අතිකාල දීමනා ඇතුළු දීමනා ගෙවා නොමැති බව වෘත්තීය සමිති චෝදනා කරනවා.
මාර්තු, අප්‍රේල් හා මැයි මාසවලට අදාළ අතිකාල දීමනාවලට අමතරව සති විවේක දීමනා සහ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින දීමනා මෙසේ ගෙවා නොමැති බවට ඔවුන් චෝදනා කර සිටිනවා.