Breaking News

ලීසිං ආයතන නිසා අසාධාරණයට ලක් වූවන් වෙනුවෙන් පෙනී සිටි චරිතයක් නිහඬ කරයි !



මිරිහානේ දී ප්‍රසිද්ධියේ ඝාතනය කළ ශ්‍රී ලංකා ස්වයං රැකියා වෘත්තිකයිගේ ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා මරණයට පෙර ලීසිං සමාගම් පිළිබඳව දැඩි විවේචන එල්ල කල පුද්ගලයෙක්.

 ඇඳිරි නීතිය සමයේ ඔහු හෙළිකර සිටියේ මැරයන්ව පෝෂණය කරන ලීසිං සමාගම් පිළිබඳවයි.

ඇඳිරි නීතිය සමයේ ද එම සමාගම් පාරිභෝගිකයන්ට බලපෑම් කරන අයුරුද වාහන පැහැර ගන්නා අයුරුද ඔහු කරුණු සහිතව සඳහන් කළා.

ඔහුගේ විවේචනයට ලක්වූ එවන් මැරයන් විසින් ඊයේ (10) ප්‍රසිද්ධියේම ඔහුව ඝාතනය කරනු ලැබුවා.

බොහෝ දෙනෙක් අදහස් දක්වමින් කියා සිටින්නේ සුනිල් යනු අහිංසක රියදුරන් වෙනුවෙන් සෑම අවස්ථාවකම පෙනී සිටින පුද්ගලයෙක් බවයි. එහෙත් අද ඔහුට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූයේ රටේ භයානක තත්වය නිසා බව ඔවුන් වැදි දුරටත් කියා සිටිනවා.