Breaking News

ධනුෂ්කට අනුමැතිය සහිතව ඕස්ට්‍රෙලියාව තුළ සංචාරයට පමණක් අවසර

ස්ත්‍රී දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේදී චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පසුගිය අඟහරුවාදා නැවත සිය නඩුව හමුවේ පෙනී සිටි අතර එහිදී තවත් සහනයක් ලබාදීමට එරට අධිකරණය තීරණය කර තිබෙයි.


ඒ අනුව ධනුෂ්ක ගුණතිලක හට ඔස්ට්‍රේලියාව තුළ පැය 48 කට පෙර ලබාගත් පොලිස් අනුමැතියකට යටත්ව සංචාරය කිරීමට අවසර හිමිවනු ඇත. කෙසේ වෙතත් ඔහුට පැනවූ විදෙස් ගමන් තහනම තවදුරටත් පවතී.
එක් මාසයකදී ඔහුට එරට අභ්‍යන්තර ගුවන් සංචාරයන් දෙකක් සිදුකිරීමට ඒ අනුව අවසර හිමිවනු ඇත.



මෙම නඩු විභාගය සිඩ්නි ඩවුනින් සෙන්ටර් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී ඇප කොන්දේසි ලිහිල් කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත් විය.
ඕස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අදහස් කරන්නේ නම් අවම වශයෙන් පැය 48 කට පෙර තම සංචාරයේ කාලසීමාව, ස්ථානය සහ ගමන් මාර්ගය ගැන පොලිසිය දැනුවත් කරන ලෙසට දන්වා ඇති අතර ධනුෂ්ක ගුණතිලකට සතියකට තුන් වතාවක් පොලීසිය හමුවේ පෙනී සිටීමේ නියෝගය තවදුරටත් ක්‍රියාත්මක බවද අධිකරණය දන්වා ඇත.


පසුගිය වසරේ විස්සයි20 ලෝක කුසලානය සඳහා  ඕස්ට්‍රෙලියාවට පැමිණ සිටියදී සිඩ්නි නුවර කාන්තාවකගේ නිවස තුළදී ඇය දූෂණය කිරීම සම්බන්ධයෙන් ඔහු මීට පෙර වරද පිළිගෙන ඇත.