Breaking News

Twitter ලාංඡනයේ කුරුල්ලා X වෙයි..

 ට්විටර් සිය  සිය ලාංඡනය ලෙස භාවිත කළ  කුරුලෙකුගේ ලාංඡනය "X" ලෙස වෙනස් කර තිබේ. 

ට්විටර් ලංජනය වන නිල් කුරුල්ලා වෙනුවට කළු පසුබිමක ඇති සුදු X ලෙස නව ලාංජනය මේ වනවිට සමාජ ජාලයේ ඩෙස්ක්ටොප් අනුවාදයන්හි පමණක් වෙනස් වී ඇත. 

නමුත් එය තවමත් ජංගම දුරකතන යෙදුම්වල දිස් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  

Twitter හි හිමිකරු Elon Musk පවසන පරිදි  Twitter හි පළ කරන "Tweets" ද "x's" ලෙස වෙනස් වනු ඇති.

මේ අතර ප්‍රකෝටිපති Elon Musk ඔහුගේ Twitter හි Profile Picture එක නව ලාංජනයට "X.com" ලෙස වෙනස් කර ඇත. 

Elon Muskට මාස ​​ගණනාවක සිට අවශ්‍ය වූයේ සමාජ මාධ්‍ය වේදිකාවේ X නම් "සුපිරි යෙදුමක්" නිර්මාණය කිරීමටයි. 

Elon Musk පවසන්නේ මේ ඉරිදා (30) Twitter හි ලාංඡනය වෙනස් කිරීමට තමන් බලාපොරොත්තු වන බව කියා සිටියේය. 

ඔහු වැඩිදුරටත් පැවසුවේ, "ඉක්මණින් අපි ට්විටර් සන්නාමයට සහ ක්‍රමයෙන් සියලුම කුරුල්ලන්ට සමු දෙන්නෙමු" යන්නයි


.