Breaking News

සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්!

 





මෙම වසරේ ගත වූ මාස 2 තුළ මෙරටට සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


කොවිඩ් -19 වසංගත ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමත් සමඟ මෙරටට සංචාරකයින් පැමිණීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව එම අධිකාරිය සඳහන් කළේය.


පසුගිය ජනවාරි මාසයේදී සංචාරකයින් 1,682 කු මෙරටට පැමිණ ඇති අතර පෙබරවාරි මාසයේදී සංචාරකයින් 3,366 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.


ඒ අනුව මෙම වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින් 5,048 දෙනෙකු මෙරටට පැමිණ ඇත.


සංචාරකයින් මෙරටට පැමිණීමේදී අනුගමනය කළ යුතු නව නිරෝධායන රෙගුලාසි පසුගියදා ප්‍රකාශයට  පත්කළේය.