Breaking News

අවුන් සාන් සුකී අත්අඩංගුවට!

 






මියන්මාරයේ නායිකා අවුන් සාන් සුකී ඇතුළු එරට රාජ්‍ය නායකයින් පිරිසක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.


අද (01) දිනයේ එරට පාර්ලිමේන්තුව කැඳවිමට විරෝධය පළ කරමින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


අවුන් සාන් සුකී මෙන්ම එරට ජනාධිපති වින් මයින්ට් ඇතුළු දේශපාලන නායකයින් පිරිසක් අද උදෑසන යුද හමුදා භාරයට ගෙන ඇති බව රජයේ ප්‍රකාශකයෙකු පෙන්වා දෙයි.


කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ දැඩි ප්‍රතිචාර නොදක්වන ලෙස මියන්මාර් රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ