Breaking News

STF නිලධාරීන් 30කට කොවිඩ්

 





ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 30 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.


ආරක්ෂක අංශ සාමාජිකයින් කිහිපදෙනෙකු අසනීප තත්ත්වයෙන් පසුවී වීම හේතුවෙන් පසුගිය සිකුරාදා දින ඔවුන්ට ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.


එම ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවල වාර්තා අනුව එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.