Breaking News

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට කොවිඩ් එන්නත් සැපයීමට සූදානමින්

 






ශ්‍රී ලංකාව ඇතුළු කාලපීය රටවල් කිහිපයක් සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් සැපයීම සඳහා එම රටවල ඖෂධ නියාමන ආයතනවල අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


එම නිවේදනයේ දැක්වෙන්නේ, අසල්වැසි සහ මිත්‍ර රටවල් කිහිපයකින් ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් සඳහා ඉල්ලීම් ලැබී ඇති බවය.


ඒ අනුව, භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය සහ සීෂෙල්ස් යන රටවල් සඳහා ආධාර යටතේ එන්නත් සැපයීම හෙට සිට අරඹන බව ඉන්දීය විදේශකටයුතු අමාත්‍යාංශ පැවසීය.


එසේම ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ මුරුසිය සඳහා අදාළ නියාමන අනුමැතිය ලැබුණු පසු එන්නත් සැපයීමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.