Breaking News

සජබේ බුද්ධි මණ්ඩපය එළිදකී!

 






සමගි ජනබලවේගයේ වෘත්තීයවේදීන්ගෙන් සහ විද්වතුන්ගෙන් සමන්විත බුද්ධි මණ්ඩපය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් 23 දා පිහිටුවනු ලැබීය. 


ජනතාවාදී අධ්‍යයන හා වෘත්තීයවේදී බුද්ධි මණ්ඩපය ලෙස හැඳින්වෙන එය සියයකට අධික සාමාජිකයින්ගෙන් සමන්විත ය.


එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, "සාමාන්‍යයෙන් ඉතිහාසයේ සිටම දකින්න ලැබෙන අත්දැකීම වන්නේ විවිධ දේශපාලන පක්ෂ, උගතුන් බුද්ධිමතුන් ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන් ඇතුළු පාර්ශ්ව මැතිවරණ ආසන්නයේ දී සිය මැතිවරණ ප්‍රචාරණය සහ ජයග්‍රහනය වෙනුවෙන් දායක කරගත්ත ද සිය අරමුණ ඉටුකර ගැනීමෙන් පසු ඔවුන් අත්හැර දැමීම. සමගි ජනබලවේගයත්, මමත් එම අවස්ථාවාදී ක්‍රියාවලිය සහමුලින්ම බැහැර කරනවා," යනුවෙනි.


විපක්ෂයේ සිටියදීම ඔවුන් සවිබල ගන්වමින් ඔවුන්ගේ දායකත්වය ලබාගන්නා තමන්, ආණ්ඩුව පිහිටවූ පසුව ද ඒ ආකාරයෙන්ම ඔවුන්ගේ දායකත්වය ලබා ගන්නා බව පැවසීය.