Breaking News

පෙබරවාරි වනවිට මෙරටට කොරෝනා එන්නතක් – යුද හමුදාපති

 





දිවයින පුරා ජනතාව බහුල වශයෙන් ගැවසෙන ස්ථානවල කොරෝනා ක්ෂණික පරීක්ෂණ කිරීමට රජය පියවර ගෙන තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ වෙළඳපොළවල්, මසුන් අලෙවි කරන මධ්‍යස්ථාන ඇතුළු ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල මෙම පරීක්ෂණ සිදු කෙරෙන බවයි.


ඊට සමගාමීව කොළඹින් පිටවන පුද්ගලයින් සඳහා ස්ථාන 11කදී සිදු කළ කොරෝනා පරීක්ෂණ ද යළි ආරම්භ කළ බව ඔහු පැවසුවේය.


මේ අතර යුද හමුදාපතිවරයා කියා සිටියේ පෙබරවාරි මාසය වනවිට කිසියම් හෝ කොරෝනා එන්නතක් අනිවාර්යයෙන්ම මෙරටට ගෙන්වීමට කටයුතු කරන බවය.


එන්නත්කරණය සඳහා අවශ්‍ය පහසුකම් සම්පාදනය හමුදාවේ මූලිකත්වයෙන් සිදුවන බව ද යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.