Breaking News

ටියුෂන් ගුරුවරුන් රට පුරා වර්ජනයකට සූදානම්

 





උපකාරක පංති පැවැවිම සදහා අවසර දෙන දිනය සමිබන්දයෙන් රජය විසින් තිරණයක් ගෙන දැනුම් නොදෙන්නේනමි දිවයින පුරා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විමට කටයුතු කරන බව සමස්ථ ලංකා වෘත්තිය දේශකවරැන්ගේ සංගමය පවසයි.


එම සංගමය මෙිි බව පැවැසුවෙි මාධ්‍ය හමුවක් පවත්වමිණි.


එහිදී අදහස් දැක්වූ සමස්ථ ලංකා වෘත්තිය දේශකවරැන්ගේ සංගමයේ සභාපති චමින්ද හේවගේ මහතා මෙසේ පැවැසීය.


ජනවාරි 11 වැනිදා සිට පළමු ශේණියේ සිටම පාසල් ආරම්භ කිරිම සදහා කටයුතු කරන බවට රජය විසින් තිරණය කර තිබෙනවානමි උපකාරක පංති පවත්වන්න අවරසය නොදිම විශාල ප්‍රශ්නයක්. සෞඛ්‍ය උපදෙස් නොමැතිව පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක වෙනවා නමි, කිසිම සෞඛ්‍ය නිති රිතියක් අනුගමනය නොකර පාසල් පවත්වාගෙන යනවානමි ,සෞඛ්‍ය උපදෙස් නොතකා ජනතාව ඒකරාශි වෙනවානමි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කර උපකාරක පංති පවත්වන්න අපිට අවර නොදිම විශාල ගැටලුවක් වෙලා තිබෙනවා. මොකද කොරෝනා වෛරසය හේතුවෙන් අටකට වැඩි කාලයක් උපකාරක පංති නතර කර තිබෙනවා.


බැංකු ණය ලබාගෙන ඉඩම ,වාහන මිලදී ගත් උපකාරක පංති ගුරැවරැන් විශාල පිරිසක් දිවයින පුරා අසරතාවයට පත් වෙලා සිටිනවා. උපකාරක පංති පැවැත්විම සදහා විශාල මුදලක් වැය කරලා ආයතන ආරම්භ කරලා තිබෙනවා. මෙිි බැංකු ණය ගෙවන්න බැරිව උපකාරක පංති ගුරැවරැන් විශාල ආර්ථික අර්බුදයකට මෙිි වන විට මුහුණ පා සිටිනවා.


ඒ නිසා අපි කියන්නේ සෞඛ්‍ය උපදෙස් අනුව උපකාරක පංති පවත්වන්න අපි සුදානමි. ඒ සදහා අවරසය ලබා දිම සදහා රජය විසින් තිරණක් ගන්නා ලෙස කාරැණික ඉල්ලා සිටිනවා. පාසල් ආරම්භයත් සමග උපකාරක පංති ආරම්භ කිරිම සදහා අවස්ථාව නොදෙන්නේනමි දිවයින පුරා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විමට කටයුතු කරන බවද චමින්ද හේවගේ මහතා වැඩිදුරටත් පැවැසීය.


– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි