Breaking News

ඉන්දීය ධීවරයින් උතුරු මුහුද ආක්‍රමණය කරයි! - මෙරට ධීවරයින්ට දැඩි පීඩා

 





ඉන්දීය ධීවරයින්ගේ ට්‍රෝලර් යාත්‍රා විශාල වශයෙන් මුලතිව් මුහුදු වෙරලට පැමිණ ධීවරන්ගේ දැල්ආම්පන්න විනාශ කරමින් බාධා සිදුකරන බව පවසමින් මුලතිව්හි ධීවරයින් විශාල පරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.


එමෙන්ම මුලතිව් ධීවර සංගම් කිහිපයක් විසින්ද (16) යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයට සහ යාපනයේ පිහිටි ඉන්දීය උපකොමසාරිස් කාර්යාලයට සන්දේශයන් භාර දෙමින් පවසා සිටියේ වහාම ඉන්දීය ධීවරයින්ගේ ට්‍රෝලර් යාත්‍රා උතුරු මුහුදට පැමිණීම වැලක්වීමට පියවර ගන්නා ලෙසටය.


මේ අතර මුලතිව් ධීවරයින් විශාල පිරිසක් මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරියෙන්ද උද්ඝෝෂණයක නිරත වෙමින් කියා සිටියේ ඉන්දීය ධීවරයින් මුලතිව් මුහුදට පැමිණ සිදු කරන බලපෑම් හේතුවෙන් මුලතිව් ධීවරයින් විශාල පිරිසක් මේ වන විටත් දැඩි සේ පීඩා විඳින අතරම පසුගිය දිනයන්හි පැවති අයහපත් කාලගුණයට පසුව ධීවරයින් මුහුදු ගමන් ආරම්භ කලද ඉන්දීය ධීවරයින්ගේ පැමිණීම හේතුවෙන් මත්ස්‍ය කර්මනාත්ය සිදුකර ගැනීමට නොහැකිව දැඩි ආර් ථික අපහසුතාවන්ට පත්ව සිටින බවටය.