Breaking News

ධම්මික පැණිය බිවුව හේතුව රාජ්‍ය ඇමති පියල් කියයි!

 





කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වයිරසය සඳහා නිෂ්පාදනය කළ ඖෂධය තමන් පානය කළ බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කරයි.


දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් එම ඖෂධය අතිරේක ආහාරයක් ලෙස නම් කළ නිසා තමන් එය භාවිතා කළ බවද ඔහු පැවසීය.


එසේ නම් කළ පසු එය භාවිතයට ගැනීමේ කිසි ප්‍රශ්නයක් නැතැයි ද ඔහු සඳහන් කළේ ය.


ඇමතිවරයා මේ බව කියා සිටියේ උත්සව අවස්ථාවකදී අදහස් පළ කරමිනි.