Breaking News

කරාපිටි රෝහලේ වාට්ටුවක් වසා දමයි





කරාපිටිය රෝහලේ 24 වාට්ටුව වසා දැමීමට කටයුතු කර තිබේ.


රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ එම වාට්ටුවේ සතියක කාලයක් ප්‍රතිකාර ලබා ගත් කාන්තාවක් කොරෝනා ආසාදිත යයි තහවුරු වීමෙන් මෙම පියවර ගත් බවයි.


එහි සේවය කරන ලද වෛද්‍යවරුන් ඇතුළු හෙදියන් පිරිසක් ස්වයං නිරෝධායනය කිරීමට කටයුතු කර තිබේ.


එමෙන්ම අවශ්‍ය පරිදි කෝරෝනා පරීක්ෂණවලට ලක් කිරීමට කටයුතු කර ඇත.