Breaking News

කෑගල්ල සහ කුරුණෑගල ප්‍රදේශවල ජල කප්පාදුවක්!

 





කෑගල්ල පාර, කුරුණෑගල - කොළඹ පාර ඇතුළු සියලූම අතුරු මාර්ගවල හෙට (09) දිනයේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.


ඒ අනුව, හෙට (09) පෙරවරු 9.00 සිට අනිද්දා (10) පෙරවරු 9.00 දක්වා පැය 24ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවෙනු ඇත.


කුරුණෑගල ප්‍රධාන ජලාශයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.