Breaking News

මැදපෙරදිග සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට!





රැකියා සඳහා ගොස් මැදපෙරදිග රටවල් 03ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 481 දෙනෙකු, ශ්‍රී ලංකා රජයේ විශේෂ අවසරය මත සහ කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වන වැඩසටහන යටතේ අද (08) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට 44 දෙනෙකු, කටාර් රාජ්‍යයේ දෝහා සිට 147 දෙනෙකු ද රජයේ විශේෂ අවසරය මත කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.


එම පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සිදුකර, සංචාරක හෝටල් වෙත නිරෝධායනය සඳහා යොමුකර තිබේ.


ඊට අමතරව බහරේනයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට මුහුණ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වන වැඩසටහන යටතේ කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .


එම පිරිස ද නිරෝධායනය යොමුකර තිබේ.