Breaking News

පොලීසිය ශක්තිමත් කිරීමට කොමිසමේ අවධානය

 






පොලිස් ස්ථාන තුළ ස්ථාපිත කර ඇති විවිධ පැමිණිලි අංශය ශක්තිමත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.


ඒ අනුව මහජන පැමිණිලි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වඩාත් කාර්යක්ෂමව සිදුකළ හැකි බව ඔවුන් පෙන්වා දෙයි.


මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා,


“ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉතා වැදගත් සංශෝධනයක් වෙලා තියෙනවා පොලිස් කොමිසමට. කොමිසමේ තිබුණු පොලීසියේ උසස් කිරීම්, මාරු කිරීම් විනයාකූල ක්‍රියාකිරීම් පොලිස්පතිට හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට භාර දීලා තියෙනවා. දැන් පොලිස් කොමිසමට දීලා තියෙන්නේ මහජන පැමිණිලි විධිමත් ලෙස විමර්ශනය කර මහජනයාට සෙතක් ලබාදීමට. 20 වන සංශෝධනය ඉතාමත් අර්ථවත්. ඒ කියන්නේ පොලීසියේ අභ්‍යන්තර කටයුතු පොලීසියටත් පොලීසියෙන් වන සේවාව ඇඟයීම හා ඇඟයීමට ලක්කිරීමට පොලිස් කොමිසමට භාර දී තිබෙනවා. ඒ නිසා අපි බලනවා මේ පොලිස් කොමිසම මඟින් කොහොම ද මේක අර්ථවත් කරන්න පුළුවන් වෙන්නේ කියලා මහජන පැමිණිලි. මහජන පැමිණිලි එන්නේ විවිධ පැමිණිලි අංශයට. ඒ නිලධාරීන් ඇත්ත වශයෙන්ම ශක්තිමත් වියයුතුයි. විවිධාකාරයේ පැමිණිලි එනවා. විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරු හා ඒ නිලධාරීන් බලගැන්වීමට. එයින් ආකල්ප වෙනස් කළ හැකි නම් ඔවුන් යහපත් සේවයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.“