Breaking News

යාපනයේ පාසල් 73ක් හදිසියේම වසා දමයි. -PHOTOS-

 






යාපනය දිස්ත්‍රික්කය තුළ ගතවු පැය 24 ක කාලය තුළ කොවිඩ් 19 ආසාදිත රෝගීන් 26 දෙනෙකු වාර්තා වි ඇති බව යාපනය දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටි.සත්‍යමූර්ති මහතා පවසයි.


සත්‍යමූර්ති මහතා පැවසූවේ යාපනය උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළින් පුද්ගලයින් හය දෙනෙකු වෙත කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට මූලිකව අනාවරණය වු බවයි.


අදාළ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදුකළ පි.සි.ආර්.පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඊයේ(13) දිනයේදී යාපනය දිස්ත්‍රික්කය තුළ පුද්ගලයින් 26 දෙනෙකුට කොවිඩි 19 වෛසරය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසූහ.


ක්‍රමයෙන් යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිතයින් වැඩිවීමේ අවධානමක් පවතින අතර, යාපනය උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පවතින සෞඛ්‍ය අවධානම හේතුවෙන් වසා දමා ඇති බවද යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසීය.


පවතින සෞඛ්‍ය අවධාන හේතුවෙන් සෞඛ්‍ය අංශවල ඉල්ලීම මත යාපනය දිස්ත්‍රික්කයේ උඩුවිල් අධ්‍යාපන කොට්ඨාශය තුළ පාසල් 33 ක් හා තෙලිප්පලෙයි කොට්ඨාශයේ පාසල් 40 ක් නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමීමට කටයුතු කොට ඇති බවට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළහ.


යාපනය දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාතේ සංචරණ කටයුතු සිදුකිරීමේදී දැඩි පරීක්ෂාකාරී වන ලෙසත්, සෞඛ්‍ය අංශ උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙසත් උතුරු පළාත් සෞඛ්‍ය නිළධාරීන් ජනතාවගෙන් ඉල්ලීම් කරති.