Breaking News

බෝගම්බර රැඳවියෝ PCR පරීක්ෂණ ඉල්ලති

 





බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැඟ විරෝධතාවක නිරත වනවා. ඒ, බන්ධනාගාරයේ සියලු රැඳවියන්ට PCR පරීක්ෂණ සිදු කරන්නැයි, ඉල්ලමින්.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගෙන් නිව්ස් ෆස්ට් විමසීමක් කළේ ය.

ඔහු සඳහන් කළේ, බන්ධනාගාර රැඳවියන්ට දෛනිකව PCR පරීක්ෂණ 100 ත් 150 ත් අතර සංඛ්‍යාවක් සිදු කරන බවයි.

එවැනි පසුබිමක ඔවුන් විරෝධතාවක් ආරම්භ කර ඇතැයි, තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ ය.