Breaking News

LRT නැවතීම නිසා ජපන් ව්‍යාපෘති අරමුදල් අහිමිවෙයි!









රජය, සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කිරීමත් සමග, රටට වැදගත් තවත් ව්‍යාපෘතියකට අරමුදල් සම්පාදනය කිරීම ජපානය විසින් අත්හිටුවා ඇත.


ජපානය විසින් අත්හිටුවා ඇත්තේ, කොළඹ සම්පේ‍්‍රෂණ හා බෙදාහැරීමේ පාඩුව අවම කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර [Greater Colombo Transmission and Distribution Loss Reduction Project Phase II] සදහා අරමුදල් සම්පාදනය කිරීමයි.


අදාල ව්‍යාපෘතියෙන් සිදු වන්නේ, විදුලිය බෙදා හැරීම සදහා අවශ්‍ය යටිතල පහසුකම් රට තුළ වැඩි දියුණු කිරීමයි.


මෙම ව්‍යාපෘතිය සදහා අරමුදල් සම්පාදනය කිරීම අත්හිටුවීම මෙරට විදුල බල සැපයුමට විශාල බලපෑමක් ඇති කරනු ඇතැයි සැලකේ. මේ හේතුව නිසාම, ඉදිරි වසර කිහිපය තුළ දැවැන්ත විදුලිය හිගයක් රට තුළ නිර්මාණය වීමේ අවදාමක් තිබේ.


මෙම ව්‍යාපෘතිය සදහා අරමුදල් සම්පාදනයෙන් ජපානය ඉවත් වීමත් සමග, අරමුදල් සදහා වෙනත් දේශීය මූලාශ‍්‍ර වෙත යොමු වීමට රජය අවදානය යොමු කර ඇතත්, මෙතෙක් එය සාර්ථක වී නැති බව ද පැවසේ.


සන්ඬේ මෝර්නිං පුවත්පත ඇසුරෙනි.