Breaking News

අවිආයුධ රැගෙන ගමන් කළ පිරිසක් අත්අඩංගුවට

 






කළුතර දකුණ සෙන්ට්‍රල් හන්දිය මාර්ග බාධකයේදී ත්‍රිරෝද රථයකින් හා මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ  ටී 56 සජීව පතරොම්, ජීව අත්බෝම්බ ඇතුළු අවිආයුධ කිහිපයක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.

විශේෂ කාර්ය බළකා කටුකුරුන්ද පුහුණු පාසලේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (06) පස්වරුවේ එම වාහන පරීක්ෂාකර තිබුණි.

එහිදී ජීව අත්බෝම්බයක්, ටී 56 සජීව පතරොම් 02ක්, ටී 56 හිස් පතරොම් 02ක්, කඩු 04ක් හා මන්නා පිහි 06ක් සමග සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.

අත්අඩංගුවටපත් සැකකරුවන් අවුරුදු 22ත් 36ත් අතර වයස්වල පසුවන කලමුල්ල, නාගොඩ සහ මතුගම ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (07) ඉදිරිපත් කිරීමට නියමිතය.