Breaking News

බලාගාර තුනක විදුලි ගනුදෙනු නවතයි

 





ඇඹිලිපිටිය, මාතර හා සපුගස්කන්ද පෞද්ගලික බලාගාරවලින් විදුලි බලය ලබාගැනීම ලබන වසරේ අප්‍රේල් මස සිට අත්හිටුවීමට තීරණය කිරීම නිසා මෙගාවොට් 270ක විදුලිය හිඟයක් ඇතිවන බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙගාවොට් 100 ඇඹිලිපිටිය ACE Power විදුලි බලාගාරය, මෙගාවොට් 20 මාතර ACE Power විදුලි බලාගාරය,මෙගා වොට් 50 සපුගස්කන්දAsia power විදුලි බලාගාරවලින් විදුලිය ලබාගැනීම නතර කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.

නමුත් මෙම විදුලිබලාගාර තුන සමග සාකච්ඡා කර ලබන 2023 දක්වා විදුලිය ලබාගැනීමට හැකියාව ඇති බවද විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතය.

තවද, වසර දහයක කාලයක් සඳහා මෙගාවොට් 200ක මධ්‍ය කාලීන දැවිතෙල් විදුලි බලාගාරයක් ඉදිකිරීම, මෙගාවොට් 24ක ඔටෝ ඩීසල් බලාගාරයක් ඉදිකිරීම සඳහාද විදුලිබල අමාත්‍යාංශය යෝජනා ඉදිරිපත් කර ඇත.