Breaking News

රිය අනතුරකින් ආණමඩුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති මරුට

 








ආණමඩුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අද අලුයම සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියයන විට ඔහු 38 හැවිරිදි වියේ පසුවූ බවයි සඳහන් වන්නේ.

නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් ලුහුබැඳ යාමේදී ආණමඩුව නගරයේ ඔරලෝසු කණුවේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

අනතුරින් රථයෙන් ගමන්කළ අනෙක් නිලධාරියාද තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ ආණමඩුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රත්නායක මුදියන්සේලාගේ අජිත් හේමන්ත නැමති එක් දරු පියෙක්.

ඔහු නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහුගේ බිරිඳ කාන්තා උප පොලිස් පරික්ෂකවරියක් බවයි වාර්තාවන්නේ. ආනමඩුව පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.