Breaking News

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් භූම දානයට අවසර

 





කොරෝනා ආසාදනය වීමෙන් මියය යන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානය කිරීමට අවසර ලබා දී ඇත.

මන්නාරම ප්‍රදේශයේ තොරාගෙන ඇති හුදකලා ප්‍රදේශයක පවුලේ ඥාතීන් දෙදෙනකුගේ පමණක් සහභාගීත්වයෙන් මෙම භූම දාන කටයුතු සිදු කිරීමට කොවීඩ් 19 පැතිරීම වැලක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඊයේ (08)අවසර දී ඇති බව වාර්තා වෙනවා.

කොවිඩ් වැළදීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් භූම දානය කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයේ දැඩි කතා බහක් ඇති වී තිබුණු අතර අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා මෙම මරන භූමදානයට අවසර ලබා දෙන මෙන් ඉල්ලා පාර්ලිමේන්තුවේ ඉල්ලීමක්ද කර තිබුණි.

කොරෝනා සම්බන්ධයෙන් ඇති ජාත්‍යන්තර රෙගුලාසි වලට අනුව කොරොනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයින් ආදාහනයට මෙන්ම භූම දානයටද අවසර දී ඇති බව අධිරකරණ ඇමැතිවරයා පෙන්වා දී ඇති අතර මේ වන විට රටවල් 189 ක භූම දානයට අවසර දී ඇති බවද හෙතෙම වැඩි දුරටත් පවසා තිබුණි.

මේ සම්බන්ධයෙන් රජයට ස්තූතිය පල කරමින් සිලෝන් තහුහිත් ජමා අත් සංවිධානය ද නිවේදනයක් නිකුත් කර ඇත.