Breaking News

විදේශයන්හි සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට!

 





කොවිඩ් වසංගතය හේතුවෙන්, විදේශයන්හි සිරවී සිටි තවත් ලාංකිකයින් 51 දෙනෙකු අද දිවයිනට පැමිණියහ.

කටුනායක ගුවන් තොටුපළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, කටාර්හි දෝහා සිට ලාංකිකයින් 31 දෙනෙකු දිවයිනට පැමිණි බවයි.

ඕමානයේ රැකියා සඳහා ගොස් සිටි ලාංකිකයන් 20 දෙනෙක් ද අද දිවයිනට පැමිණියහ.

ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලට යොමු කිරිමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කරනු ඇති.

මේ අතර විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් හතළිස් දහසක් පමණ මේ වන විට දිවයිනට ගෙන්වා ගෙන ඇතැයි, විදේශ සබඳතා අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.