Breaking News

කොරෝනාවට බියෙන් දඹුල්ලේ පාසල් වැසේ!

 





දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා රෝගීන් 3 දෙනෙකු වාර්තා වීමත් සමඟ දඹුල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලු පාසල් හෙට සිට සිකුරාදා දක්වා සතියක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මීට අමතරව, ගලේවෙල – තලකිරියාගම මහා විද්‍යාලය ද ලබන සිකුරාදා දක්වා වසා තැබීමට තීරණය කළ බවයි.