Breaking News

නව ජනපති ට්‍රම්ප් ද ? බයිඩන් ද ?

 




අමෙරිකා එක්සත් ජනපදයේ  59 වන ජනාධිපතිවරණය අද (03) පැවැත්වේ.

වසර හතරක ධුර කාලයක් සදහා නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට නියමිත අතර ප්‍රාන්ත 50ක ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂය නියොජනය කරන ජෝ බයිඩන් මෙවර අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටී.

අමෙරිකාව කොවිඩ් නයින්ටීන් වෛරසයේ ලොව වැඩිම බලපෑමකට ලක්ව ඇති රට ලෙස සැළකෙන පසුබිමක මෙවර ජනාධිපතිවරණය පැවැත්වීම විශේෂත්වයක් වෙන බව විදෙස් මාධ්‍ය පවසයි.