Breaking News

‘2021 අයවැය’ දෙවැනිවර කියැවීම අද

 





මුදල් ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ අද (17 වැනි) පස්වරු 1.40ට ‘2021 අයවැය’ දෙවැනිවර කියැවීම සිදුකරනවා.

ලබන වසරේ (2021) සේවා වියදම් ඇතුළත් අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පළමුවර කියැවීම මීට ම පෙර සිදු කළා.

එම විසර්ජන පනත් කෙටුම්පතට අනුව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශවලට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 2678කි.

මෙම මුදල පියවා ගැනීම සඳහා ආදායම් උපයා ගන්නා ආකාරය සහ අයවැය හිඟය පියවා ගන්නා ආකාරය අද අගමැතිවරයා විසින් සිය අයවැය කතාවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය හෙට (17 ) සිට 21 දක්වා සිදු කෙරේ. දෙවැනිවවර කියැවීමේ ඡන්ද විමසීම 21 වැනිදා සවස පැවත්වෙනවා.