Breaking News

නිකවැරටියේ නිවාස 200කට හානී

 






නිකවැරටිය ප්‍රදේශයේ හමා ගිය තද සුළඟිකින් නිවාස විශාල සංඛ්‍යාවකට හානි සිදුව තිබෙනවා. ඊයේ සවස එම ප්‍රදේශයේ නිවාසවලට මෙසේ හානි සිදුව තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ප්‍රදේශයේ නිවාස 200 කට පමණ පමණ අර්ධ හානි සිදුව ඇති බවයි.

මේ අතර නිවාස 8 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.