Breaking News

මාකදුරේ මධුෂ් ගැන රහස් රැසක් DIG හෙලි කරයි!

 




මෑතකදී වෙඩි වැදීමකින් මිය ගිය පාතාල නායකයෙකු වන මාකඳුරේ මධූෂ් විසින් අනාවරණය කරන ලද නම්, ගම්, දේපල, ආයුධ, මත්ද්‍රව්‍ය ජාලවල තොරතුරු සියල්ල පොලිසිය සතුව ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

නමුත් තමන් එම තොරතුරු දැන්ම හෙළි කරන්නේ නැති බවත් අවශ්‍ය විට සියල්ල අනාවරණය කරන බවත් ඔහු පවසයි.

මධූෂ් සමග ඒ කිසිදු තොරතුරක් පොළොව යට වැළලෙන්නේ නැති බවත් ඒ ගැන සැකයක් තියා ගත යුතු නැති බවත් ඔහු කියා සිටියේය.

පොලිසිය විසින් මාකඳුරේ මධූෂ් ඝාතනය නොකළ බවත් වෙඩි හුවමාරුවකදී ඔහු මියගිය බව පවසන තෙන්නකෝන් මහතා එවන් කතා පොලිසිය අපකීර්තියට පත් කරවන්නට ගොතන ලද ඒවා බව ද සඳහන් කළේය.

වසර එකහමාරක් තිස්සේ රහස් පොලිසියේ මධූෂ් රඳවාගෙන කළ දෙයක් නැති බව ඔප්පු වී හමාර බවද ඔහු තවදුරටත් කියා සිටියේ ය.

ඒ මත මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනුයි.