Breaking News

සැඟවුණු රෝගීන් සොයා බුද්ධි මෙහෙයුම් ඇරඹෙයි

 





නිරෝධායනය කිරීමට අවශ්‍ය එහෙත් දැනට ලිපිනයන් වෙනස් කර සැඟවී සිටින බ්‍රැන්ඩික්ස් සේවකයන් වහාම ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී නි​රෝධායනයට යොමුවන ලෙස හමුදාපතිවරයා ඉල්ලා සිටිනවා.

බස්නාහිර පළාතෙන් පිටතට ගොස් සිටි බ්‍රැන්ඩික්ස් සේවකයන් 495න් අඩක් පමණ ස්ථිර ලිපිනයන්වල නොසිටි බවත්, කොළඹ සෙසු ප්‍රදේශවල ඔවුන් සැඟවී ඇති බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

කොවිඩ් පොකුර වාර්තා වූ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවය කළ සියලුදෙනා නිරෝධායන මධ්‍යස්ථානයක හෝ රෝහලක මිස මේ මොහොතේ නිවාසවල නොසිටිය යුතු බවද ඔහු අවධාරණය කර සිටිනවා.

රෝහල්ගතවීම හෝ නිරෝධායනය මගහරින පිරිස් සොයන බුද්ධි මෙහෙයුමට හමුදාව හා පොලිසිය යෙදවූ බවද හෙතෙම අනාවරණය කළා..

එමෙන්ම බ්‍රැන්ඩික්ස් ආයතනයේ සිටින තම පෙම්වතිය හමුවීමට ගිය වෙනත් කර්මාන්තශාලාවක කළමනාකරුවකුද හඳුනාගෙන ඇති බැවින් එම ආයතනයේ පිරිස්ද ස්වයං නි​රෝධායනයට ලක්කර තිබුණා.