Breaking News

බදියුදීන්ගේ සොහොයුරා ගැන ඩෑන් ප්‍රියසාද්ගෙන් පොලිසියට සැර උත්තරයක්!

 





රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාට දොස් පැවරීමෙන් ඵලක් නොමැති බව ඩෑන් ප්‍රියසාද් පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කරන්නේ රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බවයි.

රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ නොමැති බවත් එයට සාක්ෂියක් නොමැති බවත් ආරක්ෂක ලේකම් වරයාට හෝ මාධ්‍යට පැවසීමට හැකි බව ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය .