Breaking News

පරිසරය ගැන ලැබෙන පැමිණිලි භාර ගැනීමට මෙහෙයුම් මැදිරියක්!

 





පරිසරය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි හා යෝජනා භාර ගැනීම සඳහා මෙහෙයුම් මැදිරියක් මධ්‍යම පරිසර අධිකාරියේ ස්ථාපිත කර තිබේ.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ඒ සඳහා ලැබෙන පැමිණිලි 1981 යන දුරකතන අංකයට දැනුම් දිය හැකි බවයි.

පරිසරය සම්බන්ධව ලැබෙන පැමිණිලි හා යෝජනා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පොලිස් පරිසර ඒකකයේ නිලධාරීන් ද මධ්‍යම පරිසර අධිකාරියට අනුයුක්ත කොට තිබේ.

ඒ අනුව පරිසර විනාශ කිරීම් සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට අවස්ථාව හිමිවනු ඇති.