Breaking News

කොරෝනා කියා බෑ! ශ‍්‍රී පාද වන්දනා සමය අරඹනවා

 





ධනය බලය ගේ දොර ඉඩකඩම් වලට වඩා නිරෝගිකම වැදගත් බව පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , සබරගමු පලාත් ප්‍රධාන සංඝ නායක ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ,ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.

ශ්‍රි පාදස්ථනාධිපති හිමියන් මේ බැව් කියා සිටියේ 2020-2021 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් රාජ්‍යය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යයාලයේ ශ්‍රවණාගාරයේ පැවති රැස්විමේදි අනුශාසනාව කරමිනි.

නිරෝධාන රෙගුලාසි වලට අනුකුලව පුද්ගල දුරස්ථභාවය රදා පවත්වා ගනිමින් සිමිත පිරිසක්ගේ සහභාගිත්වයෙන් මෙම රැස්විම පැවැත්විණ.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ පවතින වසංගත රෝග තත්ත්වය හමුවේ වුවද 2020-2021 ශ්‍රි පාද වන්දනා වාරය චාරිත්‍රානුකුලව පවත්වන බවයි.

පුරාණයේ සිට පැමිණෙන සිරිත් විරිත් වලට අනුකුලව උදුවප් පොහෝ දිනයෙන් ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරන බවත් , පැල්මඩුල්ල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ අවාරයේ තැන්පත් කර ඇති සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ දෙසැම්බර් (28) දින මාර්ග තුනක් ඔස්සේ ශ්‍රි පාද උඩ මළුව දක්වා වැඩම කර ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරන බවයි.

පවතින වසංගත තත්ත්වය හමුවේ රටේ පවතින සෞඛ්‍යය නිර්නායක වලට අනුව කටයුතු කරමින් ශ්‍රි පාද වන්දනා වාරය අවසන් වන තෙක් අදාල තේවාවන් කටයුතු සිදු කරන බවයි.