Breaking News

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට දැඩි විරෝධතා!

 





පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඉල්ලා අස්වන්නැයි බල කරමින් දහස් සංඛ්‍යාත පිරිසක් වීදි බැස විරෝධතාවයේ නිරත වේ.

කරච්චි නුවරට රැස්වූ දහස් සංඛ්‍යාත විපක්ෂ ආධාරකරුවන් චෝදනා කළේ, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය රට අස්ථාවර කර ඇති බවයි.

පකිස්ථානයේ ප්‍රබල විපක්ෂ කණ්ඩායම් 9 ක් මෙම විරෝධතාවල මූලිකත්වය ගෙන කටයුතු කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ දියණිය වන මර්යාම් නවාස් ද මෙම විරෝධතාවල පෙරමුණ ගෙන කටයුතු කරන බවයි.

ඇය චෝදනා කළේ, රටේ ජනතාවගේ රැකියා අහිමි කළ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය දැන් ජනතාවගේ ආහාර වේල පවා අහිමි වන තත්ත්වයකට රට පත් කර ඇති බවයි.

තරුණ පරම්පරාව සිය අනාගතය පිළිබඳව කලකිරී ඇති බවත් ගොවීන් හාමතේ නිවෙස්වල දුක් විදින බවත් අනෙකුත් විපක්ෂ කණ්ඩායම්වල චෝදනා වේ.

කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමට පෙර සිටම පකිස්ථාන ආර්ථිකය පහත වැටෙමින් පවතින බවට විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජයට චෝදනා කළේ ය.