Breaking News

ජනපතිව අපට විශ්වාසයි ! අමාත්‍ය විමල් වීරවංශ

 





විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව කාරක සභා අවස්ථාවේදී ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමේදී නිශ්ක්‍රීයව සිටීමට තීරණය කළත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිඥාව අනුව කාරක සභා අවස්ථාවේදි එම වගන්තිය ආණ්ඩුවේ බෙදීමක් ඇති නොවන ලෙස පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

නව ව්‍යවස්ථාවෙන් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරන බවට ජනපතිවරයා ප්‍රතිඥා දුන් බවත් ජනපති විශ්වාසය කරන බවත් ජනපතිවරයා වචනය ක්‍රියාත්මක කරන නායකයෙක් බවත් විමල් වීරවංශ මහතා මෙහිදී සඳහන් කළේය.