Breaking News

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් 1700 ඉක්මවයි

 





අද (15) උදෑසන වන විට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 132ක් හඳුනා ගෙන ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම පුද්ගලයින් අතරින්, පුද්ගලයින් පස් දෙනෙක් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් වන අතර, ඉතිරි පුද්ගලයින් 127 දෙනා එම කම්හලේ සේවය කරන පුද්ගලයින් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් වේ.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුර අද උදෑසන වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1,723 දෙනෙකි.

ඉන් පුද්ගලයින් 1,041 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර, අනෙක් පුද්ගලයින් 682 එම කම්හලේ සේවකයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් බව ද කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මිනුවන්ගොඩ ආසාදිත පොකුර වාර්තා වු අයුරු,


පළමු සතිය තුළ ඔක්තෝබර් 5 සිට 11 දක්වා - 1186

ඔක්තෝබර් 12 වන දින - 121

ඔක්තෝබර් 13 වන දින - 90

ඔක්තෝබර් 14 වන දින - 194

ඔක්තෝබර් 15 වන දින - 132 උදෑසන 6 වන විට


මේ අතර අද උදෑසන දෝහා කටාර් සිට පුද්ගලයින් 34 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ. ඔවුන් සියලු දෙනා හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනයට කටයුතු කර ඇත.

අද දිනය තුළ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 254ක් නිවෙස් වෙත පිටත්ව යෑමට නියමිතව තිබේ.

මේ වන විට පුද්ගලයින් 52,612ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම අද වන විට මධ්‍යස්ථාන 88ක් තුළ පුද්ගලයින් 9,703ක් නිරෝධායනය වෙමින් සිටී.

ඊයේ (14) දිනය තුළ ත්‍රිවිධ හමුදාව විසින් සිදුකර ඇති අතර මේ වන විට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 348,909කි.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 5,170 දක්වා ඉහළ ගොස් ඇති අතර පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 3,357 ක් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

රෝගීන් 1,800 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වේ.

මේ අතර අද අලුයම 5 සිට කටුනායක පොලිස් බලප්‍රදේශයට ද නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ අනුව මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 19ක ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.