Breaking News

ධර්මසේන IPL සල්ලි මල්ලට පයින් ගසයි

 

Cricket World Cup: Umpire Kumar Dharmasena admits 'I got it wrong' in final  | Stuff.co.nz




මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට ලද ආරාධනය ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

ඒ වෙනුවට ඔහු මෙරට දී පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බව පැවසෙනවා.

ලබන වසරේ ජූලි 31 වනදා දක්වා මෙරට පැවැත්වෙන තරගාවලියන්හි විනිසුරුවරයෙකු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කිරීමට නියමිත බවත්, තරග තීරකවරයෙකු ලෙස රංජන් මඩුගල්ල මහතා කටයුතු කරනු ඇති බවත් සඳහන්.

බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේ අනෙක් විනිසුරුවන් ලෙස රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි සහ Lyndon Hannibal කටයුතු කිරීමට නියමිතයි.