Breaking News

කාලගුණයෙන් රතු නිවේදනයක්! - පළාත් කිහිපයකට තද වැසි

 





දිවයිනේ පළාත් කිහිපයක සුළං වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම උතුරු, උතුරු මැද හා වයඹ පළාත්වල සුළං වේගය එලෙස ඉහළ යා හැකි බවයි.

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ හා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලද සුළං වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් ය.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අනතුරුදායක තත්ත්වයක් පවතින බැවින් එක් දින හා කුඩා යාත්‍රා හෙට දිනය දක්වා ධීවර කටයුතු සඳහා යාමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා දැනුම් දෙයි.