Breaking News

රාජිතට දේශපාලන පලිගැනීම් කොමිසමෙන් යළිත් සිතාසි

 







හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න  මහතාට ලබන 05 වැනිදා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස යළි සිතාසී නිකුත් කර තිබේ.

නාවික හමුදා බුද්ධි අංශයේ කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළව එම කැඳවීම සිදු කර ඇති බව වාර්තා වේ.

කොළඹ දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  අසත්‍ය චෝදනා ගොනු කරමින් තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දේශපාලන බලපෑම් මත සිදු කර ඇති බවට කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා කොමිසමට පැමිණිලි කර තිබුණි.

මෙම පැමිණිල්ලට අදාළව රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති අතර රාජිත සේනාරත්න මහතා ඊයේ (29)  කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට යළි සිතාසී නිකුත් කර තිබේ.