Breaking News

හිටපු ජනපති පාස්කු කොමිසමට

 







හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවට අද පැමිණ තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණියේ ඔහුගේ නීතිඥවරයා සමගය.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන් ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය චෝදනා එල්ල කළ බවට සිදු කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ ය.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසමේ කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

හේමසිරි ප්‍රනාන්දු මහතාගේ නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේ, එම නිවේදනය හරහා තම සේවාදායකයා බියට පත්ව ඇති බවයි.