Breaking News

අලුත් 20 එළියට! - ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු බෑ






ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද කමිටුව ඊයේ දිනයේ රැස් වී තිබේ. 

එහිදී කෙටුම්පතේ වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට එකගතාවයට පැමිණ ඇත.

ද්විත්ව පුරවැසියන්ට මෙරට පාර්ලිමේන්තුව නියෝජනයට හා උසස් නිලතල දැරීමට අවසර නොදීම, ඇමති මණ්ඩලය සීමා කිරීම, විඝණන කොමිසම පෙර ආකාරයෙන්ම පැවතීම ඇතුළු සංශෝධන ගණනාවකට මෙහිදී එකග වී ඇත.

ඒ අනුව නව සංශෝධන සහිත වාර්තාව සකස් කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද දිනයේ භාරදීමට නියමිතව තිබේ.

ඉන්පසු හෙට දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එහි සම්මත වීමෙන් පසු නව ගැසට් නිවේදනයක් මගින් එය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.