Breaking News

විදෙස් සිට පැමිණි පුද්ගලයින් 12කට කොරෝනා

 



කොරෝනා ආසාදිත තව ත් 12 දෙනෙකු අද උදෑසන වනවිට හඳුනාගෙන තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ඔවුන් 12 දෙනාම විදේශයන්හි සිට මෙරටට පැමිණි අය බවයි.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි එක් පුද්ගලයෙකු, ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු, මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් 8 දෙ‍නෙකු සහ සෞදි ආරාබියේ සිට පැමිණි පුද්ගලයෙකු ඒ අතර වේ.

අද උදෑසන වනවිට කන්දකාඩු සහ සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සම්බන්ධ මුළු ආසාදිතයින් 649 දෙනෙකු සිටින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

මේ අතර කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, අද උදෑසන අබුඩාබි සිට පුද්ගලයින් දෙසීය අනු දෙනෙකු (290) මෙරටට පැමිණී බවයි.

ඔවුන් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ, අද දිනය වන විට පුද්ගලයින් 43,849 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇති බවයි.

ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 66 ක් තුළ පුද්ගලයින් 6,626 දෙනෙකු අද වනවිට නිරෝධායනය වෙමින් සිටි.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, ඊයේ දිනය තුළදී PCR පරීක්‍ෂණ 1470 ක් සිදු කර ඇති අතර මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරීක්‍ෂණ 269,483 ප්‍රමාණයක් සිදුකර ඇති බවයි.