Breaking News

මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට පළමු වරට රාජ්‍ය අනුග්‍රහය! -PHOTOS-

 

Incredible Malagamuwa lifts the Lion Flag in Italy



අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සුපිරි මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාලගමුව අතර විශේෂ හමුවක් අද පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී.

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද එක්ව සිටි අතර ඉතිහාසයේ පළමු වරට ඩිලන්ත මාලගමුවට අනුග්‍රහකත්වය ලබාදීම සඳහා වත්මන් රජය ඉදිරිපත් වී සිටිනවා.

මේ අනුව ලබන සැප්තැම්බර් මස 5 වැනි දා සිට නොවැම්බර් මස 15 වැනිදා දක්වා යුරෝපයේදී පැවැත්වෙන ලැම්බෝර්ගිනි  සුපර් ට්‍රෝෆියෝ තරගාවලියේ සිටි ඩිලන්තට ලක් රජයේ අනුග්‍රහය හිමි වනු ඇති.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා, ලැම්බෝර්ගිනි සුපර් ට්‍රෝෆියෝ තරගාවලියේ ශුරතාව මෙරටට රැගෙන එම සඳහා ඩිලන්ත මාලගමුවට සුභාශිංසන එක් කළා.

ඔහු මේ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්ද එක් කර තිබෙනවා.


"සුභ උදෑසනක් ඔබ සැමට.ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ගරු ක්‍රීඩා සහ යොවුන් කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මැතිතුමා ඊයේ අරලිය ගහ මන්දිරයදී මා හට ආරාධනා කර ඊලග යුරෝපානු ශූරතාවයට සුභ පැතුවා.

මට පලමු වරට අවුරුදු 36කට පසු රාජ්‍ය අනුග්‍රාහය ලැබුණා. ගරු සංචාරක අමාත්‍ය ප්‍රසන්න රනතුන්ග මැති තුමාට සහ සභාපතිනිය කිමාර්ලි ප්‍රනාන්දු මැතිනිය ඇතුළු සියලු නිලධාරීන්ට බොහෝම ස්තුතියි.

ගරු අග්‍රාමාත්‍ය තුමාට දීර්ඝ ආයුස ලැබේවා. නව ක්‍රීඩා ඇමැති තුමාටත් මේ රටේ ක්‍රීඩාව දියුණු කිරීමට සියලු ශක්තිය ලැබේවා. අප සියලු දෙනාටම ආඩම්බර වීමට හැකි ස්වයංපෝෂිත රටක් ලගදීම බිහිවේවි."


Image may contain: 3 people, people sitting and people standing

Image may contain: 6 people, people standing, suit and indoor


Image may contain: 3 people, people standing and indoor