Breaking News

එජාප මහ ලේකම් ධුරය මංගලට!

 

Sri Lanka has no obstacle to refuse MCC pact : Samaraweera



එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා කරු ජයසුරිය මහතා ගෙන එහි මේ කටයුත්ත පසුපස මංගල සමරවීර හිටපු ඇමතිවරයා සිටින බව එම පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

එමෙන්ම කරුණු කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට පත් වුවහොත් මංගල සමරවීර මහතා එහි මහලේකම් ධුරයට පත් කිරීමට සූදානමින් සිටී.

ඒ අනුව දැනට මහලේකම් ධුරය දරන අකිල විරාජ් කාරියවසම් මහතා ද එම ධුරයෙන් ඉවත්වී වෙනත් ධුරයට පත් කරනු ඇත.

පළාත් සභා මැතිවරණය අවසාන වන තෙක් පක්‍ෂයට නායකත්වය දීමට වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වුව ද ඔහුගේ නායකත්වය යටතේ මැතිවරණයකට මුහුණ දීමට පාක්ෂිකයන් කැමැත්තක් නොදැක්වීම වූ මත මෙම සාකච්චා සිදු වෙමින් ඇත.

කෙසේ නමුත් මේ කිසිවක් සඳහා අවසන් එකගතාවය පැමිණ නැති අතර පක්ෂය තුළ නායකත්ව අර්බුදය නැවතත් උත්සන්න වන ලකුණු පහළ වී ඇත.